දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවේ

සැප් 19, 2020

    රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවේ නව සභාපති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණේය.

    ඒ අරලියගහ මන්දිරයේදී.

    කමිටුවේ සභාපතිවරයා ලෙස මීට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා ක්‍රියා කළ අතර, ඔහු කතානායක ධූරයට පත්කිරීමෙන් පසු මෙහි නව සභාපති ලෙස අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පත් කෙරිණ.

    කමිටුවට මේ වනවිට ඉදිරිපත්ව ඇති අභියාචනා සංඛ්‍යාව 6,952ක්.

    ඉන් අභියාචනා 2365ක් කමිටුවට සෘජුවම ලැබී තිබේ. 

    2015 - 2019 කාලසීමාවේ රාජ්‍ය සේවයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම කමිටුව පත්කරනු ලැබීය.

    එහි මූලික වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාරදී තිබේ. අමාත්‍ය චමල් රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරුන් සහ කමිටු සාමාජිකයන් කිහිපදෙනෙකු මේ හමුවට එක්වූහ.

    Latest News