'තැඹිලි අජිත්' මිද්දෙණියේ දී අත්අඩංගුවට

සැප් 12, 2020

    අපරාධ රැසකට සම්බන්ධ අජිත් ප්‍රියන්ත නොහොත් 'තැඹිලි අජිත්' නමැති සැකකරු මිද්දෙණිය, ජූලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ සමත් විය.

    ඔහු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත අවියක්, හෙරොයින් මිලිග්‍රෑම් 800ක් හා කඩුවක් සමග රුපියල් 15,900ක මුදලක් පොලිස් බාරයට ගැනිණ.

    Latest News