බුත්තල අනතුරක් - වාහන 4ක් ගැටෙයි

සැප් 11, 2020

    වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල - යුදගනාව පන්සල් හංදිය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ දී අපරික්ෂාකාරි ලෙස ධාවනය කල ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ තිරෝද රථ දෙකක, යතුරු පැදියක සහ ගිලන් රථයකගැටී අනතුරක් සිදු වී තිබේ.

    එම නිසා අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර රථ වාහන වලට දැඩි අලාභ හානි සිදු වී තිබේ.

    ට්‍රැක්ටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසයි. අනතුර සිදු කළ ට්‍රක්ටර් රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය විසින් සිදුකරයි.

    Latest News