රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීමට පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට

සැප් 10, 2020

    රටවල් 06ක රාජත්‍රාන්ත්‍රිකයින් පත් කිරීම සඳහා පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට යොමු කෙරේ.

    අදාළ තනතුරු සඳහා නම් කර ඇති පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරික්ෂා කර බැලීම මෙහිදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා නම් කර තිබේ.

    ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා නම් කර ඇති අතර, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත අරියසිංහ මහතා නම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය නම් කර ඇති අතර චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ආචාර්ය පාලිත කොහොන මහතාය.

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නම් කර තිබේ.

    අදාළ පත් කිරිම් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණූ දැක්විය හැකි අතර එම කරුණු දැක්වීම සැප්තැම්බර් 23 වන දින හෝ එදිනට පෙර ලිඛිතව දැනුම්දිය යුතු බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දැනුම් දී ඇත.

    Latest News