පළාත් කිහිපයකට වැසි

සැප් 08, 2020

    අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

    ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News