සංවර්ධනය නොකළ ඉඩම් ගොවීන්ට

සැප් 05, 2020

    වාණිජ ඉඩම් ලෙස මහපරිමාණ සමාගම්වලට බදු පදනම මත ලබාදී ඇති සංවර්ධනය නොකළ ඉඩම් ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහවැලි කලාප වල සිටින ජනතාවගේ ඉඩම් ගැටළු හා ගොවි ගැටළු විසදීමේ ජංගම සේවාවක් සූරියවැවදී පැවැත්වුණා.

    රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවාවේදී සූරිය වැව හා මයුරපුර යන ප්‍රදේශවල ගොවි ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමටයි කටයුතු කෙරුණේ.

    මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද ඊට ඒක්ව සිටියා.

    Latest News