කොවිඩ්-19; 2,879ක් පූර්ණ සුවය ලබයි (වීඩියෝ)

සැප් 01, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු පිරිසෙන් 2,879 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටී.

    එම ප්‍රතිශතය 93.68 ක්. මෙරටින් අද කොවිඩ්-19 රෝගීන් 24ක් හඳුනා ගනු ලැබීය. ඉන් 22ක් කටාර් සිට පැමිණි අයයි. තවත් පුද්ගලයෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා පැමිණ තිබෙන්නේ, ඉන්දියාවේ සිටයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,879ක් සුවය ලබා සිටින අතර, එම ප්‍රතිශතය 93.68 ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 5.92ක්. දිවයිනේ මේ දක්වා පීසීආර් පරීක්‍ෂණ දෙලක්‍ෂ 26, 111ක් සිදුකර තිබේ. ඊයේ පීසීආර් පරීක්‍ෂණ 2,020ක් සිදු කෙරිණ.

    මේ දක්වා නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 35,142ක් එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 71ක 7,576 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකිව කුවේට් සහ දෝහා කටාර් හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට පැමිණියේය. කුවේට් සිට 289 දෙනෙකු සහ කටාර් සිට 86 දෙනෙකු පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා ද ගුවන් තොටුපල පරිශ්‍රයේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 20:25

    Latest News