හෙට (02), 6 සිට 13 ශ්‍රේණි සාමාන්‍ය පරිදි

සැප් 01, 2020

    හෙට සිට රජයේ සියලු පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වන සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව, පාසල් පැවැත්වෙන බවයි. පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි සාමාන්‍ය අයුරින් විවෘත කෙරෙන්නේ ලබන 8 වැනිදා සිටයි.

    Latest News