ගතවූ පැය 24ට බස්නාහිර පළාතේ 334ක් අත්අඩංගුවට

අගෝ 30, 2020

    බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වල දී සැකකරුවන් 334 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (29) උදෑසන 6.00 සිට අද (30) අලුයම 5.00 දක්වා ගතවූ පැය 24ක කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    එම පිරිස අතර හෙරොයින් සන්තකව තිබූ සැකකරුවන් 142 දෙනෙක්, ගංජා සන්තකව සිටි සැකකරුවන් 87ක්,නීති විරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 81ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 9 දෙනෙක් වන බව ද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News