ඌරුබොක්ක වෙඩි තැබීමකින් අයෙක් මරුට

ඔක් 22, 2018

    ඌරුබොක්ක - හුලංකන්ද ප්‍රදේශයේ දම්පහළ මාර්ගයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

    වෙඩි තැබීම සිදුවුණේ අද උදෑසන 9.25ට පමණ. මිය ගොස් ඇත්තේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඊ.එස්.චමින්ද නමැති 44 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීමට ලක්ව ඇති අතර සැකකරුවන් ද යතුරුපැදියකින් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    Latest News