නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර විනාශ කෙරේ

අගෝ 29, 2020

    මුතුරාජවෙල තෙත්බිම් රක්‍ෂිතය ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර කිහිපයක් අද විනාශ කෙරිණ.

    ඒ, ගුවන් හමුදා බුද්ධි අවේක්‍ෂණ පද්ධතිය හා පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ අවි සහ උපක්‍රම අංශය ඒකාබද්ධවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව පිහිට වූ සුරක්‍ෂිත රටක් හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි මෙහෙයුම සිදු කෙරිණ.

    ගුවන් හමුදාවට අයත් බෙල්-212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් සියලු ස්ථාන නිරීක්‍ෂණයට ලක් කළේය. පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිස් අනවසර මත්පැන් නිෂ්පාදනාගාර වෙතගුවනින් ගොඩ බස්වනු ලැබීය.

    නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව බෝට්ටු ද යොදා ගනිමින් කලපුව තුළ කරගෙන ගිය අනවසර මත්පැන් නිෂ්පාදනාගාර විනාශ කර තිබේ.

    Latest News