ශිෂ්‍යත්ව තීරණයකට අකිල මනෝ විද්‍යාව පසු පස

ජන 08, 2019

    ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරනය කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමේදී ය.

    විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද පෙන්වා දුනී. අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සහ පාසල් ලබාදීම යන කරුණු කෙරෙහි ද සැලකිල්ලක් දැක්විය යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කලේය.

    මෙම සමාලෝචන කමිටුවට අධ්‍යාපන ලේකම්වරයා ඇතුලු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, විශේෂඥ හා ළමා රෝග වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විභාග කොමසාරිස්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

    Latest News