“මගේ පවුලේ අය මා මරාවි“ සෞදි තරුණියක් රැකවරණය පතයි

ජන 08, 2019
  • රහෆ් මොහොමඩ් අල් කුනන් නම් වයස 18 සෞදි තරුණියක් බැංකොක් ගුවන් තොටුපොළේ සිට සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබේ.

    තම පවුලේ අය සමග කුවේටයේ සංචාරයක නිරතව සිටි මේ යුවතිය, ඒ අතරතුර තායිලන්තය හරහ ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කොට ඇත්තේ එහි රැකවරණය අපේක්ෂාවෙනි.

    එහෙත් ඇයගේ පියා කළ දැනුම් දීමකට බැංකොක් ගුවන් තොටුපොලේ නිලධාරීන් ඇය රඳවා ගෙන තිබේ. පිරිම අයෙකු සමග හැර තනිවම ගමන් කිරීම සෞදි කාන්තාවන්ට තහනම් වේ.

    ඒ අනුව ඇයව නැවත කුවේටය බලා පිටත් කිරීමට සූදානම් වූ අවස්තාවේ ඇය ගුවන් තොටුපොලේ කාමරයකට වී අගුළු ලා ගෙන ගුවන් යානයට නැගීම ප්‍රතික්ෂේප කොට ඇත. එම කාමරය තුළ දී සමාජ මාධ්‍ය හරහා වීඩියෝව නිකුත් කර ඇත. එම දර්ශන අනුව ඇයගේ මිතුරියන් සහ තවත් පාර්ශව දැනුවත් විමක් සිදුවි තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිද්ධිය පිළිබඳ තවදුරටත් සොයා බැලීමක නිරතව සිටි. ඇයට බැංකොක් ගුවන් තොටුපලින් පිටත ආරක්ෂිත ස්ථානයක රැඳීසිටීමට අවස්තාව සලසා තිබේ.

    8228556 0 Rahaf Mohammed al Qunun left finally left her hotel room after t a 3 15469060487028228894 0 In another tweet today Rahaf revealed that her passport had been a 7 15469060487248213986 0 Saudi teenager Rahaf Mohammed al Qunun barricaded herself in a h a 2 15469060484908214086 0 In a sign of growing desperation during the night Rahaf posted v a 5 1546906048720 copy

    8213948 0 Rahaf Mohammed al Qunun 18 has been at Bangkok airport since Sat a 11 15469060490188229204 0 Rahaf has said on Twitter that she fears her family will kill he a 14 1546906049025

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 16:32

    Latest News