සමයංගේ ගෝල '"ඉන්ද්‍රා" පොලිස් වෙඩි පහරින් මරුට

අගෝ 29, 2020

    හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන "සමයන්ගේ" කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් "ඉන්ද්‍රා" නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (28) රාත්‍රියේ නවගමුව ප්‍රදේශයේ දී ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේ දී පලායාමට උත්සහ දරා තිබේ. එහිදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.

    පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ග්‍රෑම් 10ක් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    Latest News