විදුලිය බිඳවැටීම සොයන කමිටුවේ අවසන් වාර්තාව සති 3කින්

අගෝ 29, 2020

    අගෝස්තු 17 වැනිදා රට පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවෙහි අවසන් වාර්තාව තව සති තුනකින් ලබාදීමට කටයුතු කරන බව එම විද්වත් කමිටුවෙහි සභාපති බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා ඊයේ (28) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

    මෙම මාධ්‍ය හමුව පවත්වා තිබුණේ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින්ය.

    මෙම අතුරු කමිටු වාර්තාව පසුගිය සඳුදා (24) අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දී තිබේ. එම වාර්තාවෙහි පළමුවැනි කමිටු නිර්දේශ දෙක වහාම ක්‍රියාත්මක කරන බවත් අනෙකුත් නිර්දේශ පිළිබඳ සොයා බලා ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා විසින් කමිටුවට පවසා ඇත.

    එම නිසා ඉදිරියේදී නැවත එවැනි බිඳවැටීමක් වළක්වා ගැනීම සඳහා දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් බවද මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණි.

    Latest News