කොරෝනා වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනිය ඇගයීමට (වීඩියෝ)

අගෝ 28, 2020
  • කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කැපවී ක්‍රියා කළ රාජ්‍ය නිලධාරින් හා මාධ්‍ය ආයතන ඇගයීමේ උත්සවයක් අද පැවැත්විණ.

    ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. සමස්ත ලෝකවාසී ජනතාවට අභියෝගයක් වූ කොරෝනා වසංගතය හමුවේ මෙරට රජය ක්‍රියාත්මක කළ වැඩසටහන් සාර්ථක කර ගැනීමට සහය ලබාදීම, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද පිලිබඳව ජනතාව දැනුවත් කිරීම හා සහන සැලසීමට කැපවීමෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මෙහිදී ඇගයීමට ලක්විය.

    සම්මාන හා ඇගයීම් සහතික ප්‍රදානය සිදු කෙරුණේ, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:34

    Latest News