කොවිඩ්-19 පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2842ක්

අගෝ 28, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2842 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 134 දෙනෙකු පමණි. දැනට රෝහල්ගතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 45ක්.

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව ලෙස 639 දෙනෙකු හඳුනා ගනු ලැබූහ. ඉන් 604 දෙනෙකුම පූර්ණ සුවය ලබා සිටී. එම ප්‍රතිශතය 94.52ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 35 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 5.4ක්.

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 33,695 දෙනෙකු මේ වනවිට එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. මධ්‍යස්ථාන 69ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 7122ක්. දිවයිනේ මේ දක්වා පීසීආර් පරීක්‍ෂණ දෙලක්‍ෂ 19,162ක් සිදුකර ඇති අතර, ඊයේ දිනයේ පීසීආර් පරීක්‍ෂණ 2110ක් සිදු කෙරිණ.

    දිවයිනට පැමිණිමට නොහැකිව දෝහා කටාර්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද අලුයම මෙරටට පැමිණියේය. ඩුබායි හි රැඳී සිටි 18 දෙනෙකු ද පැමිණි බව වාර්තාවේ. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කර නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැණින.

    මුලංකාවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි 70 දෙනෙකු නිරෝධායනය කාලසීමාව සාර්ථකව අවසන් කර සිය නිවෙස් බලා පිටව ගියේය. ඔවුන් මෙරටට පැමිණ තිබුණේ, සවුදි අරාබියේ සිටයි. නිරෝධායනය අවසන් වීමෙන් පසු පීසීආර් පරීක්‍ෂණ සිදුකර පිරිස නිවෙස් වෙත පිටත්කර හරිනු ලැබීය.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 18:51

    Latest News