පිදුරු කල්තබා ගැනීමට යන්ත්‍රයක්

අගෝ 28, 2020

    ගවයින්ගේ ආහාර ගැටලුවට පිළියමක් ලෙස පිදුරු එකතුකර කල් තබා ගැනීම සඳහා සකස් කරගත හැකි යන්ත්‍රයක් හඳුන්වා දී තිබේ.

    ඒ, ලංකාපුර පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින්. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරි ගවයින් පානයේ නිරත ගොවි මහතුන් 1,500ක් පමණ සිටී. ඔවුන් සතුව ගවයින් 7000ක් පමණ සිටින බව වාර්තාවේ.

    එහෙත් තම ගවයින්ට ඇතැම් කාලවල අවශ්‍ය ආහාර හිඟ බව ගොවීන් පවසයි. ඊට පිළියම් ලෙස වී අස්වනු නෙලා අවසන් කළ කුඹුරුවල එකතුවන පිදුරු කල්තබාගත හැකි අයුරින් කුඩා ඉඩකඩක ඇසුරුම් කර තබාගත හැකි ආකාරයට පිදුරු සකස් කිරීමේ බේල් යන්ත්‍රයක් මෙලෙස හඳුන්වා දී තිබේ.

    යන්ත්‍රය හඳුන්වාදීම ලංකාපුර වෙල්යායේදී ඊයේ සිදු කෙරිණ. ලංකාපුර පශු වෛද්‍ය නිලධාරි ප්‍රදිපිකා සිරිවර්ධන මහත්මිය පවසන්නේ මෙමගින් ගවයින්ට අවශ්‍ය ආහාර පහසුවෙන් සකස්කර දීමේ හැකියාව පවතින බවයි.

    Latest News