2020 අපොස සා පෙළ පැවැත්වෙන දින (වීඩියෝ)

අගෝ 28, 2020
  • 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 27 වැනිදා තෙක් පැවැත්වීමට තීරණය කර තිබේ.

    මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ, ඔක්තෝබර් 11 වන අතර අ.පො. ස. උසස් පෙළ විභගය ඔක්තෝබර් 12 සිට නොවැම්බර් 06 දක්වා පැවැත්වේ.

    ඒ අනුව ඔක්තෝබර් 10 සිට නොවැම්බර් 08 දක්වා පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.

    එසේම තෙවැනි පාසල් වාරය නොවැම්බර් 09 ආරම්භ කෙරෙන අතර දෙසැම්බර් 24 වැනිදා සිට 2020 වසරේ අවසන් පාසල් නිවාඩුව ආරම්භ කෙරේ. 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ජනවාරි 04 වැනිදායි.

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා දුන් කාලය සිකුරාදායින් (31) නිමවේ.

    මෙවර විභාගය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මඟිනි.

    ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.

    Last modified on සිකුරාදා, 28 අගෝස්තු 2020 20:14

    Latest News