කොවිඩ්-19; සුවය ලැබූ සංඛ්‍යාව 2,819ක්

අගෝ 27, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 2,819 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 153 දෙනෙකු පමණි. කොවිඩ්-19 රෝගය වැළඳී තවත් 13 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය. ඔවුන්ගෙන් 10 දෙනෙකුම කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව වාර්තාවේ. දෙදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණ තිබේ. අනෙක් පුද්ගලයා කෙන්යාවේ සිට පැමිණි අයෙක්.

    කොවිඩ්-19 රෝග වැළඳුණු 2,819 දෙනෙකුම මේ වනවිට සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 94.47ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 153 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 5.12ක්.

    මෙරට තුළ සිදුකර ඇති සමස්ත පීසිආර් පරීක්‍ෂණ සංඛ්‍යාව දෙලක්‍ෂ 16,309ක්. ඊයේ දිනය තුළ ද පීසීආර් පරීක්‍ෂණ 2,847ක් සිදු කෙරිණ. මෙරට පැමිණිමට නොහැකිව කුවේට්හි රැඳී සිටි 157 දෙනෙකු දිවයිනට පැමිණියේ අද අලුයම. දෝහාකටාර්හි රැඳී සිටි 17 දෙනෙකු ද අද අලුයම මෙරටට පැමිණ තිබේ. තවත් 42ක් ඊයේ රාත්‍රී කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණියේය. සියලු දෙනාම ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුවයි, නිරෝධායනය සඳහා යොමු කෙරුණේ.

    Latest News