අධිකරණයට අපහාස කළේ යැයි ලංකා ඊනිවුස් වෙබ් අඩවියට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි ඉල්ලා අස්කර ගැනේ

අගෝ 27, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීරට සහ එම වෙබ් අඩවියේ ලේඛකයකු වන නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගනු ලැබුවා.

    මෙම පෙත්සම් එල් ටී බී දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නා.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

    එහිදී පෙත්සම්කරු අධිකරණයට දැන්වත් තිබුණේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර තිබූ ප්‍රවෘත්ති ගණනාවකින් අධිකරණයේ ගෞරවයට දැඩි අපහාසයක් සිදු කර ඇති බවයි.

    ඒ අනුව අදාළ වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

    Latest News