නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

ජන 08, 2019

    මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සභාවාරය අද (08) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතයි. ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මේ වසර සඳහා අය වැය ගෙන එන ආකායර පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේ දී සාකච්ජාවට බඳුන්වනු ඇති.

    මේ අතර, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ති බණ්ඩාර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළ අතර  ඔහු අද පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීමට නියමිතයි. 

    Latest News