"ගාලු කතිකාව" ජනපති ප්‍රධානත්වයෙන්

ඔක් 22, 2018

    ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වීමට නියමිතය.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    "සහයෝගීතාවය තුළින් සමුද්‍රිය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම" මෙවර එහි තේමාවයි.

    දෙදින සමුළුව සංවිධාන කරන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්වයි. රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක දෙස් විදෙස් නියෝජිතයන්, සමුද්‍රිය ආරක්ෂක විද්වතුන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

    සෞභාග්‍යය සඳහා මංපෙත් විවර කර ගත හැකි සම්පත් රාශියක් සාගරය සතුව පවතීත එම සම්පත් නිවැරදි භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා සාගර සම්පත්වල ඇති වැදගත්කම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සමුළුවේ දී සාකච්ජා කිරීමට අපේක්ෂිතය.

    වත්මන් සාගරික අභියෝග ජය ගැනීම සඳහා එලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම, කලාපීය විද්වතුන් සාගරික ගැටලු රැසකට පිළිතුරු සොයා ගැනීම සඳහා ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය මංපෙත් සලසනු ලැබේ.

    Latest News