ඉස්සන් මිල නිසා කර්මාන්තරුවන්ට අවාසියක්

ඔක් 22, 2018

    ඉස්සන් මිල පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පවසයි.

    ඒ ගැණුම්කරුවන් විසින් අපනයනය කිරීමේ දී නිෂ්පාදන වියදමට වඩා අඩුමිලක් තමන්ට ලබා දීම හේතුවෙනි.

    පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු තීරය තුළ ඉස්සන් ගොවිපොලවල් මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් ඉස්සන් වගාව සිදුකරනු ලබයි.

    වාර්ෂිකව අපනයනය කෙරෙන ඉස්සන් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 6,000කට අධික වන අතර එතුළින් විශාල විදේශ විනිමයක් වාර්ෂිකව මෙරටට හිමි වේ.

    මේ වන විට ඉස්සන් අස්වැන්න විශාල ලෙස ලැබෙමින් පවතී.

    එහෙත්, අපනයනය කිරීමේ දී නිෂ්පාදන වියදමට වඩා අඩු මිලක් ගැනුම්කරුවන් ලබා දෙන බව එම කර්මාන්තයේ නිරතවන්නන් සඳහන් කරයි.

    මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි.

    Latest News