මීනගයා අදත් පිට පනියි

ඔක් 22, 2018

    මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය අද අලුයම 2.00ට පමණ පීලි පැනීමකට ලක්ව තිබේ.

    දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

    දුම්රිය පීලි පැන ඇත්තේ මොරගොල්ල වැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදීය.

    දුම්රිය පීලි පැනීමෙන් මගීන්ට කිසිඳු අනතුරක් සිදුව නොමැත.

    පෙරේදා (20) රාත්‍රියේ ද කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ වන අලියෙකු ගැටීමෙන් එය පීලිපැනීමකට ලක්ව තිබිණි.

    ඒ පලුගස්වැව ප්‍රදේශයේදීය.

    Last modified on සදුදා, 22 ඔක්තෝබර් 2018 14:04

    Latest News