අලුතින් ඉදි කෙරුණු ලග්ගල නගරය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
රජය ඒ සදහා රුපියල් කෝටි 200 කට අධික මුදලක් වැය කර තිබේ. ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව්වැනි වර්ෂ පූර්ණයට සමගාමීවයි. ලග්ගල නව නගරය ඉදිකෙරුණේ මොරගහකන්ද කළු ගඟ යෝධ වාරි ව්‍යාපෘතිය වෙනුවෙන් තම වාසස්ථාන, ඇතුළු ගම්බිම් පරිත්‍යාග කළ ජනතාව වෙනුවෙනි. මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය සඳහා ගම්මාන 25ක 3000කට අධික පවුල් සංඛ්‍යාවක් ඉවත් කෙරිණ.
ඔවුන් සියලුදෙනාම ලග්ගල නව නගරයේ පදිංචි කරනු ලැබීය. ලග්ගල නව නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රෝහල් සංකීර්ණය, ප්‍රාථමික විද්‍යාලය, ද්විතීක පාසල, අධ්‍යාපන කාර්යාලය, තැපැල් කාර්යාලය, මහජනපොළ, මධ්‍යම ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රධාන බස් නැවතුම්පොළ සහ මහජන ක්‍රීඩාංගණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති 21ක් අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.