TNA සමඟ විශේෂ සම්බන්ධයක් නැහැ

ජන 07, 2019

    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර මඩ ප්‍රචාර සිදුවෙන බවත්, TNA එක එක්ක විශේෂ සම්බන්ධයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

    ඇය මේ බව ප්‍රකාශ කළේ, ගල්කිස්ස තපෝදනාරාම විහාරස්ථානයේ, සුමන දහම් පාසලට මේස පුටු ලබාදීම, දරුවන්ට අභ්‍යාස පොත් බෙදදීම සහ ගෙවතු සදහා අඔ පැල බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් ඇදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර..

    මෙතන තියෙන්නේ විරුද්ධ පක්ෂය බිල්ලෙක් මවල. මම ඉල්ලීමක් කරේ 2009 සිට සිරකරල ඉන්න සිරකරුවන් පිලිබඳව විමර්ශන සිදුකරල නිවැරදිකරුවන් ඉන්නවානම් නිදහස් කරන්න කියලා. සිංහල දෙමළ මුස්ලිම් කියල කිසිම භේදයක් නැහැ. මම කියපු එක විකෘති කරල තමයි ප්‍රකාශ කරන්නේ.

    ජනතා සේවය කරන්න ඇමතිකමක් අවශ්‍ය නැහැ. පසුපෙළ මන්ත්‍රීවරියක් විදිහට මම හැකිපමණ සේවය කරනවා. 
    අවුරුදු එකහමාරකට ඇමැති තනතුරක් අරන් මොනවා කරන්නද? අමාරුවෙන් ලබාගත්ත ජයග්‍රහණය ඒ ආකාරයෙන් ගෙනියන්න ඕන ජනතාවට සේවය කරලා. රණ්ඩුකිරීම නෙමෙයි කරන්න ඕන. රණ්ඩුකිරීමෙන් ජයග්‍රහණය අවතක්සේරු වෙනවා.



    Last modified on සදුදා, 07 ජනවාරි 2019 18:12

    Latest News