ඇඹිලිපිටිය වාහන තුනක් එකිනෙක ගැටේ

ජන 06, 2019

    ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කෙරේ.

    පස් දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී වෑන් රථයක්, කැබි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී තිබේ. ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ තිදෙනෙකු ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කහවත්ත මූලික රෝහලට මාරු කර ඇත. රක්වාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 19:59

    Latest News