තවත් 23කට සුවයි

අගෝ 07, 2020

    අද තවත් කොරෝනා ආසාදිතයින් 23දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, කාත්තන්කුඩි යන රෝහල් වල සහ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 2564 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇත.

    කොවිඩ් ආසාදිත රෝගීන් 264ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාඅංශය සදහන් කරයි.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 16:35

    Latest News