යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් නිරික්ෂණයක

ජන 06, 2019
  • මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමේ පළමු දුම්රිය ධාවනය අද (06) පෙ.ව. 10.00ට ආරම්භ කෙරිණ.

    ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කෙරේ.

    මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනකි. එහි පළමු අදියර කිලෝමීටර් 26ක් වන අතර එය මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසයි. එහි දෙවැනි අදියර කිලෝමීටර් 48ක දුර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වේ. තෙවැනි අදියර කිලෝමීටර් 39ක වන අතර හම්බන්තොට සිට කතරගම දක්වා තෙක් ඉදි කෙරේ.

    පළමු අදියර වු මාතර සිට බෙලිඅත්ත කොටස ඉදිකිරිමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලයන 278.2 කි. චීන එක්සිම් බැංකුව මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සැපයිය. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරිණ. ඉදිකිරිම් කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාත්කරු චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කෝර්පරේටිව් සමාගමයි.

    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකි. කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල, බෙලිඅත්ත වේ. පිලදූව, වෙහෙරහේන යන ස්ථානවල උප දුම්රිය ස්ථාන 02ක් ස්ථාපිත කර ඇත. උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 03කින් සමන්විතයි. ප්‍රධාන දුම්රිය ස්ථාන වූ බෙලිඅත්ත දුම්රිය ස්ථානය මීටර් 110ක දිගින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකින්ද, මීටර් 250 - 300 පමණ දගිකින් යුතු වේදිකා 03කින්ද සමන්විත වේ. දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට මගී ගුවන් පාලම් වෙනුවට මගී උමං මාර්ග ඉදිකිරිමද විශේෂත්වයකි. බෙලිඅත්ත මෙන්ම සෙසු දුම්රිය ස්ථානවලද මගී ගුවන් පාලම් වෙනුවට දක්නට ලැබෙන්නේ මගී උමං මාර්ගයි.

    ලංකාවේ දිගම දුම්රිය උමඟද පිහිටා ඇත්තේ මාතර ‍- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වේ. නාකුට්ටිගම ප්‍රදේශයේ සිට කැකණදුර දුම්රියපල ආසන්නය දක්වා පිහිටි එම උම‍ඟෙහි දිග මීටර් 615කි. මීට පෙර දිගම දුම්රිය උමඟ වූයේ සිංගිමලේ උමඟයි. එමෙන්ම මීටර් 268ක දිගින් යුතු බඹරැන්ද දුම්රිය උමඟද මාතර බෙලිඅත්ත මාර්ගයේ ඉදිව තිබේ.

    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 10% පමණ ගුවන් පාලම් මතින් ඉදිකර ඇත. මාතර කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර් 1.5ක දිගින් යුතු ගුවන් පාලමක්ද වේ. බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වූ ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම දුම්රිය ගුවන් පාලම බවට පත්ව තිබේ.

    මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය වැටී ඇත්තේ නිල්වලා ගඟ හරහාය. මෙම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 18ක්ද, පාලම් 12ක්ද, බෝක්කු 49ක්ද, උඩබිම් මාර්ග 23ක්ද, යටබිම් මාර්ග 16ක් හා උඩ බිම් මාර්ග 08ක් ඉදිවි ඇත.

    beliattatrain3 px 900 19 0106

    beliattatrain1 px 900 19 0106

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 13:24

    Latest News