පසුතැවෙන වට්ටක්කා ගොවීන්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

ජන 05, 2019
  • තම වට්ටක්කා අස්වනු සඳහා පාලන මිලක් ලබාදෙන ලෙස අනුරාධපුර මහවිලච්චිය ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    ඔවුන් පවසන්නේ, ඉහළ අස්වැන්නක් ලැබුණ ද දැනට සාධාරණ මිලක් නොලැබෙන බවයි. අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන් මෙවර වාර්තාගත වට්ටක්කා අස්වැනක් ලැබී තිබේ. එහෙත්, කිලෝවක් රුපියල් 8ත්,10ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බව ගොවීහු පවසති.

    ඇතැම් වෙළෙඳුන් වට්ටක්කා අස්වනු එම මිලට හෝ ලබා නොගන්නා බව වාර්තාවේ. ගොවීන් පෙන්වා දෙන්නේ, වන අලි තර්ජන මධ්‍යයේ මාස තුනක් පමණ වගාබිම්වල රැඳී සිටිමින් දැඩි දුෂ්කරතා විඳ වගාවන් සිදු කළ ද වැය කළ මුදලවත් පියවා ගත නොහැකි තත්වයකට මුහුණ පා සිටින බවයි.

    එම නිසා ඇතැම් ගොවීන් සිය වට්ටක්කා අස්වනු හේන් තුළම විනාශ වී යාමට ද ඉඩ හැර තිබේ.

     wattakka2 px 900 19 01 05

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 20:20

    Latest News