අගමැති දෙවිනුවර පුරාණ විහාරය වැඳගනී (වීඩියෝ)

ජන 05, 2019
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවිනුවර පුරාණ විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වෙයි.

    අග්‍රාමාත්‍යතුමා දෙවිනුවර උත්පලවන්න, ශ්‍රී විෂ්ණු දේවාලයට ද ගොස් ආශීර්වාද ලබාගත්තේය. වික්‍රමසිංහ මහතා, දෙවිනුවර පුරාණ විහාරස්ථානය වෙත ගියේ අද පෙරවරුවේදීය.

    ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු අග්‍රාමාත්‍යතුමා, විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද හිමියන් බැහැ දුටුවේය. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර අග්‍රාමාත්‍යතුමාට ආශීර්වාද කළහ.

    විහාරස්ථානයේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු ද අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්‍ෂණයට ලක්විය. වික්‍රමසිංහ මහතා දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් එහි විශේෂ ආශිර්වාද පූජාවකට ද සහභාගි විය.

    Last modified on සෙනසුරාදා, 05 ජනවාරි 2019 20:57

    Latest News