කොවිඩ් ආසාදිතයින් 75කට සුවයි

අගෝ 02, 2020

    කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 75 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2514 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අද (02) මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

    අදාළ ආසාදිතයා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙක් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2816 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් රෝගීන් 291 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 15:39

    Latest News