A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී

අගෝ 02, 2020

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට එම ප්‍රතිඵල අවසන් අදියරේ නීරීක්ෂණය කරමින් සිටින බවයි.

    මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන තෙක් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

    Latest News