පාරමීගේ ගේ හදන්න ඇමති රංගේ පාන්දරම ගිහින්

ඔක් 21, 2018

    යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවස අලුත්වැඩියා කිරීම අද (21) ආරම්භ කර තිබේ.

    ඒ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදිය.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද උදේ පාරමිගේ නිවසට ගොස් ඇත.

    පාරමී ඊයේ රාත්‍රි ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය හා සජිවිව සම්බන්ධ විය.

    එම අවස්ථාවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කියා සිටියේ ඇයගේ නිවස කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවයි.

    ඒ අනුව, අද පෙරවරුවේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පාරමී දැනට ජීවත් වන නිවසට පැමිණ තිබේ.

    ඇගේ නිවස දින 10ක් තුළ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරිමට ද තීරණය කර ඇත.

    ඡයා - අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

    004

    002

    005

    006

     

    Latest News