ඊයේ මෙරටින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා වී නැහැ

ජූලි 30, 2020

    කොවිඩ්-19 රෝගය වැළදුණු කිසිදු පුද්ගලයෙකු ඊයේ මෙරටින් වාර්තා නොවුණු බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රිුයාන්විත මධ්යනස්ථානය පවසයි.

    තවදුරටත් රෝහල්ගතව ප්ර-තිකාර ලබන්නේ 482කු පමණි.

    කොවිඩ්-19 රෝගය වැළදුණු 2,317 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 82.45ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 482 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 17.15ක්.

    අද වනවිට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂවණ සං‍ඛ්‍යාව එක් ලක්‍ෂ 56,943ක්. ඊයේ දිනය තුළ ද පීසීආර් පරීක්ෂණණ 1,403ක් සිදුකර තිබේ.

    මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ සමස්ත සං‍ඛ්‍යාව 28,323ක්. නිරෝධායන මධ්‍යස්ථාන 37ක් තුළ 2,298 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හදුනාගෙන ඇති කොවිඩ්-19 රෝගීන්ගේ සං‍ඛ්‍යාව 598ක්. ඔවුන්ගෙන් 482කුම එම මධ්‍යස්ථානයේ රැඳවියන්. මධ්යකස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් 66 දෙනෙකු ද හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් අතර වේ. ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද ඊට අයත්. එම මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන්ගේ සමීපතමයන් 44 දෙනෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳ ඇති බවට වාර්තාවේ. අනෙක් පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගියායි.

    Latest News