වෙරළාසන්න ජනතාවට කාලගුණ නිවේදනයක්

ජූලි 29, 2020

    දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු සහ නැගෙනහිර පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක. උතුර, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    දකුණු පළාතෙත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ. කි. මි.(60-70) දක්වා තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට ද්නාව ඇත.

    බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

    වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසද දන්වා ඇත.

    Latest News