කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

ජූලි 25, 2020

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනූව, අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

    කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇති.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 08:45

    Latest News