ඌරු ජුවාගේ ගෝලයෙක් වන ජගත් කුෂාන් අත්අඩංගුවට

ජූලි 21, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ''සමයං'ගේ ගෝලයෙකු වන පහළ බෝමිරිය, කඩුවෙල පදිංචි චමින්ද කුමාර නවගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුණි.

    42 හැවිරිදි සැකකරු හෙරොයින් ළඟ තබා ගැනීම සහ විකිණීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇති අතර ''සමයං '' නැමැත්තාගේ හෙරොයින් ජාවාරම මෙහෙයවීම හා මුදල් පරිපාලන කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තා වේ.

    මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ''ඌරු ජුවා''ගේ ගෝලයෙකු වන හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් නැමැත්තාද රණාල ප්‍රදේශයේ දී නවගමුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    2015 වර්ෂයේදී ඌරු ජුවා සහ හත්දෙනෙකු සමඟ එක්ව රණාල ප්‍රදේශයේදී චාමර නැමැත්තෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වේ.

    ඒ අතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් හරහා මත්කුඩු ජාවාරම මෙහෙයවන ''පොඩි තිළිණ ''නැමැත්තාගේ ගෝලයින් වන ''රොඩා'' සහ ''නලියා '' නැමැති සැකකරුවන් මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේය.

    ඒ අනුව සැකකරුවන්ව මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

    Last modified on අඟහරුවාදා, 21 ජූලි 2020 09:34

    Latest News