ඉතිහාසයේ ප්‍රථම වරට විපක්‍ෂයක් දෙකට බෙදී මැතිවරණයක් මෙහෙයවනවා; අගමැති

ජූලි 18, 2020

    ඉතිහාසයේ ප්‍රථම වරට විපක්‍ෂයක් දෙකට බෙදී මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එබැවින් එක්සත් ජාතික පාක්‍ෂිකයින් රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වීමට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    කෝට්ටේ නගර සභා භූමියේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එය සංවිධාන කළේ කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතායි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “තරුණ පිරිසක් ආවම මම කුරුණෑගල ගිය වෙලාවේ මම ඇහුවා ඇයි අපිත් එක්ක එන්න හේතුව කියලා. එතකොට කිව්වා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා. සජිත් ප්‍රේමදාස වෙනම පෙරමුණක් හදාගෙන. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂය කියාගෙන යනවා. පළමු වතාවට විපක්‍ෂයක් දෙකඩ කැඩිලා එකිනෙකාට බැණ ගනිමින් මැතිවරණ ව්‍යාපාරයක් කරනකොට එක්සත් ජාතික පක්‍ෂයේ උදවිය ක්‍රමාණුකූලව අපිත් එක්ක එකතුවෙන්න සූදානම් වෙලා තියෙනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Latest News