ගම්පෙරළිය යළි කරළියට

ජන 03, 2019

    කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

    මෙම වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවීකරණය කිරීම, පාසල් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදි කිරීම, විදුලිබලය ලබා දීම, ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, නිවාස සංවර්ධනය සහ ඉඩම් ඔප්පු ලබා දීම ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක නිරීම සඳහා පසුගිය වසර සඳහා රුපියල් බිලියන 20 ක ප්‍රතිපාදන අමාත්‍ය මණ්ඩලය විසින් වෙන් කර තිබේ.

    එක් මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300 ක් බැගින් ලබා දෙමින් එම සංවර්ධන වැඩ කටයුතු තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඒ අනුව 2019 වසර සඳහා රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මස 13 වන දින ගම්පෙරළිය ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 17:24

    Latest News