සිංහල අවුරුද්දට පෙර ධීවර ජනතාවට සහන මල්ලක්

ජන 03, 2019

    සිංහල හා හින්දු අළුත් අවුරුද්දට පෙර සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේ ඉදිරි සිවි මස ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කරයි.

    ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයින් සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ දී අද [ 03] පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව කියා සිටියේය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ධිවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.ඒ යටතේ ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට, ධීවර ආම්පන්න ලබා දීම, ධීවර කාන්තාව සවිබල ගැන්වීමට ස්වයංරැකියා ආධාර හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඊට ඇතුලත්. විවිධ අනතුරුවලට ලක්වන ධීවර කාර්මිකයින්ට රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටලුවට පිලිබදව වැඩි අවදානයක් යොමු කල යුතු බව රාජ්‍ය අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.ඊට විසදුම් ලෙස අනතුරකදී ධීවර පවුල් වල ජිවන තත්වය සහ පවුලේ බර අවම කිරීමට ජීවනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කෙරිණ. ඒ අනුව කුඩා බෝට්ටුවල රැකියාවේ නිරතව සිටියදී අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්‍ෂ 05 දක්වා සහ බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 10 ක් දක්වාත් සහනාධාර මුදලක් ලබා දිමට නියමිතයි.

    කුඩා බෝට්ටු මගින් අල්ලා ගන්නා මත්ස්‍ය අස්වැන්න ඉහල ගුණාත්මක භාවයකින් යුක්තව ගොඩබිමට ගෙන ඒමට ෆයිබර් ග්ලාස් පෙට්ටි ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු විය. 2019 අයවැය යෝජනාවලට ඉදිරිපත් කිරීමට මෙහිදී අවධානය යොමු කෙරණ. යෝජිත සහන වැඩපිළිවෙල පිළිබද අගමැතිතුමා සමග සාකච්ජා කර කඩිනමින් ධීවර ජනතාවට ලබාදීමට කටයුතු කරන බව දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.

    ධීවර කාන්තාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ස්වයංරැකියා ආරම්භ කිරීමට මෙන්ම, දැනට ස්වයංරැකියාවල නිරත ධීවර කාන්තාවන් සදහා සුර්ය බලයෙන් ක්‍රියාත්මක යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිලිබදව අගමැතිතුමා ඇතුළු රජයට කරුණු දක්වා අවශ්‍ය සහය කඩිනමින් ලබාගැනීමට ද මෙහිදී තීරණය විය.

    dileep1 px 900 19 01 03dileep2 px 900 19 01 03

    Latest News