සැහැල්ලු දුම්රියට ජපානයෙන් ¥ මිලියන දෙලක්ෂ 415ක්

ජන 03, 2019

    කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අදාළව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහය ලබාගැනීම සඳහා  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    කොළඹ  හා තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ස්ථාපනය කෙරෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය සඳහා මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟතාව පළ කර තිබේ. 

    ඒ යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාළඹේ ඩිපෝව දක්වා දුම්රිය ස්ථාන 16කින් සහ කිලෝමීටර් 17ක දිගින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව රජය ප්‍රකාශ කරයි.

    එය ජපාන යෙන් මිලියන දෙළක්ෂ 46,641ක ආයෝජනයක් සහිතව ඉදිකිරීමට සැලසුම්කර ඇති අතර එම මුදලින් යෙන් මිලියන දෙලක්ෂ 415ක මුදලක් ලබාදීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟතාව පල කර තිබේ.

    ඊට අදාළව ණය සම්මුති සාකච්ඡා පැවැත්විමට සහ ණය ගිවිසුමකට එළඹිම සඳහා මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඒ අනූව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 16:54

    Latest News