ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර රැඳවියා

ජූලි 14, 2020

    හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව රෝහලේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියෙකු ඉන් පලා යාමට උත්සාහ කිරීමේදී එහි 8 වන මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

    ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර PCR පරීක්ෂණයක් සඳහා ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

    එම පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටින විට ඊයේ (13) රාත්‍රීයේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ දරා තිබේ.

    එහිදී ඔහු රෝහලේ 8 වන මහලෙන් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

    මීගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News