2018 ගුවන් අනතුරු මරණ ඉහළ ගිහින්

ජන 03, 2019

    ඉකුත් වසරේ ලොවපුරා සිදුවූ ගුවන් යානා අනතුරුවලින් 556 දෙනෙකු මියගොස් ඇති බව, ලෝක ගුවන් ආරක්ෂක ජාලය වාර්තා කරයි.

    එය 2017 වසරට සාපේක්ෂව ශීඝ්‍ර ඉහළ යාමක් බව, ඔවුහු පෙන්වා දෙති. 2017 වසරේ ගුවන් අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 44ක් ලෙස වාර්තා වේ. කෙසේ වෙතත්, 2018 වසරේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙස ඉකුත ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ ලයන් ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 189 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම සැලකේ. 2017 වසරේ වාණිජ ගුවන් යානා ඉතිහාසයේ ආරක්ෂිතම වසර ලෙස සැලකිනි.

    එම වසරේ කිසිඳු මගී ගුවන් යානායක් කඩා නොවැටීම ඊට හේතුවූ නමුත්, 2018 වසරේ සිදුවූ මාරක ගුවන් අනතුරු සංඛ්‍යාව 15කි. කෙසේ වෙතත්, ඉකුත් දශක දෙකක කාලය තුළ ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි, ලෝක ගුවන් ආරක්ෂක ජාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Latest News