මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට වැඩසටහන්

ජූලි 11, 2020

    උතුරු පළාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමේ වැඩසටහනක් ධීවර අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

    එම පළාතේ මිරිදිය කර්මාන්තයේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව 2,500ක්. වැඩසටහන යටතේ, ධීවර ජනතාවට උපකරණ ප්‍රදානය කිරීමත්, ප්‍රධාන වැව් කේන්ද්‍ර කරගනිමින් මත්ස්‍ය පැටවුන් මුදා හැරීමත් සිදු කෙරේ. එම ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම අරමුණයි. වැඩසටහන යටතේ, වවුනියා දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව සඳහා බෝට්ටු ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරිණ. ඒ වවුනියාව දිස්ත්‍රික් කාර්යාලයේදී. මේ අතර, වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේ, ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන අනවසර ධීවරයින්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නා බවයි.

    Latest News