ඡායාරූප මාධ්‍යවේදියෙකු ගෙන් IP නියෝමාල්ට එරෙහි පැමිණිල්ලක්

ජූලි 10, 2020

    වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැලකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදීයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    පැමිණිලිකාර මාධ්‍යවේදියා කියා සිටින්නේ තමා නඩු විභාගයත් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි බවයි.

    එම අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටී තමන්ට පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙතට ඇදගෙන ගොස් එහිදී පහර දීමට තැත් කළ බවට ද මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ.

    එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

    මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    Latest News