මැතිවරණ නීති කැඩූ පැමිණිලි 2366ක්

ජූලි 09, 2020

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඉන් පැමිණිලි 1722ක් දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී තිබේ.

    පැමිණිලි 664ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි කොමිෂන් සභාව පවසන්නේ.

    එමෙන්ම ඊයේ (08) පස්වරු 4.00න් අවසන් වූ පැය 24 තුළ ද පැමිණිලි 160ක් ලැබී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 18:04

    Latest News