නිවසේ ආර්ථිකය සැලකිල්ලට ගෙන මෙවර ඡන්දය ප්‍රකාශ කරන්න - රනිල් (වීඩියෝ)

ජූලි 06, 2020
  • නිවසේ ආර්ථිකය සැලකිල්ලට ගෙන මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුතු බව, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පක්‍ෂ යේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දෙහිවල පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා....

    “මේ රට ඉදිරියට ගෙනියන්න, ගෙදර ආර්ථිකය ඇති කරන්න, රැකියා ආපසු ලබාදෙන්න, එකම ක්‍රමය මේක විතරයි. වෙන ක්‍රමයක් නැහැ. අපි බලමු මොකක්ද ඒ අය කියන්නේ කියලා. මම කැමතියි ඒ ගැන වාද කරන්න. යු.එන්.පී.ය කැමතියි ඒ ගැන වාද කරන්න. එක්සත් ජාතික පක්‍ෂයට විතරයි මේක කරන්න පුලුවන්. ලෝක මහ යුද්ධයේදී ඩී.එස්. සේනානායක අපිව ආරක්‍ෂා කළා. නිදහසින් පස්සේ කෘෂිකර්මාන්තය ඇතිවුණා. ජේ.ආර්. ජයවර්ධන ආපසු වැටුණ ආර්ථිකය ගොඩ ගත්තා“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:29

    Latest News