කුකුරන්පොළ යපස් නිධියෙහි වැඩ කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය

ජූලි 06, 2020

    බුත්තල, කුකුරන්පොළ යපස් නිධියෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

    මෙය දැනට ලොව යකඩ නිපදවන යපස්වලට වඩා ශක්තිමත් බව පරීක්‍ෂණවලින් හෙලී වී ඇත.

    යපස් නිධියෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින්. පරීක්‍ෂණවලට අනුව නිධියෙහි යපස්, මෙක්ට්‍රිටොන් අනූ ලක්‍ෂයක් ඇති බවට ගණනය කර තිබේ.

    එය වර්ග කිලෝ මීටර් 64ක් පුරා පැතිර පවතී. ඔහු විසින් වසර 20ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ විවිධ පරීක්‍ෂණ සිදුකරනු ලැබේ. එම තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ, මෙම ස්ථානයේ ටයිටේනියම් හෝ යකඩ නිපදවිය හැකි පාෂාණ අඩංගු වන බවයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා යපස් නිධිය නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ එක්විය.

    Latest News